පොදුජන පෙරමුණේ ගෙයින් ගෙට වැඩ සටහන අරඹමින්

පොදුජන පෙරමුණේ ගෙයින් ගෙට වැඩ සටහන අරඹමින්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (03දා) පෙරවරු හතයි පනස් දෙකට යෙදුන සුබ මොහොතින් පක්‍ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම පක්‍ෂයේ ඉදිරි ජාතික මැතිවරණය වෙනුවෙන් වූ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කරනු ලැබීය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙයින් ගෙට නමින් නම් කර ඇති මෙම ප‍්‍රචාරණ වැඩසටහන ඩ-ජ්බ නමින් නව මෘදුකාංගයක් මගින් සිදු කිරීම විශේෂත්වයකි. රට පුරා ගෙයින් ගෙට යමින් මෙම මෘදුකාංගය යොදා ගනිමින් ජනතාව දැනුවත් කිරීම සහ ජනතාවගේ අභිමතය විමසීම ඊයේ සහ පෙරේදා (03 සහ 04) දින දෙකේදී කරනු ලැබිණි.

මෙරට දේශපාලන පක්‍ෂයක් නව මෘදුකාංගයක් යොදාගෙන ගෙයින් ගෙට ගොස් මෙවැනි දැනුවත් කිරීමක යෙදෙන පළමු අවස්ථාව මෙය බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ මෙය නිර්මාණය කොට තිබෙන අතර ඩ – ජ්බ මෘදුකාංගය මගින් ජනතාව දැනුවත් කිරීම සිදු කරන ලදී. මීට සමගාමීව ජනමතය විමසමින් ආසන මට්ටමින් පක්‍ෂ කි‍්‍රයාකාරීන් දැනුවත් කිරීම එම පක්‍ෂ මූලස්ථානයේදී පසුගිය කාලය පුරා සිදු කරනු ලැබීය.

මෙම ප‍්‍රචාරක වැඩසටහන පෙරේදා (03දා) පෙරවරුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලය අවටින් ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණ බව එම පෙරමුණ පවසයි.

මෙම ප‍්‍රචාරක වැඩසටහන යටතේ ග‍්‍රාම නිලධාරී වසම් දාහතර දහසක් ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීම සහ ජනමතය විමසීම සිදු කෙරිණි.

Share this: