පොකිරිස්ස්සන් සමග සැකකරුවන් අත්අඩංගුවට

පොකිරිස්ස්සන් සමග සැකකරුවන් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුල ඇල්ලීමට තහනම් කර ඇති කුඩා වර්ගයේ පොකිරිස්ස්සන් 46 දෙනෙක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තංගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (09) සවස හම්බන්තොට සිරියාගම පුරනි තොටුපළේ කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු රුපියල් පනස්දාහ බැගින් ශරීර ඇපමත නිදහස් කර ඇති අතර නැවත මෙම මස 26 වන දින නඩුව කැඳවීමට නියමිතව ඇත.

Share this: