පේ‍්‍රමකීර්ති ද අල්විස් සමුගෙන තිස් වසරයි

පේ‍්‍රමකීර්ති ද අල්විස් සමුගෙන තිස් වසරයි

ජාතික රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදක භූමිකාවේ මෙන්ම ගීත රචනා ක්‍ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළා වූ, මානව හිතවාදී කලාකරු පේ‍්‍රමකීර්ති ද අල්විස් ඝාතනයට ලක්වී පසුගිය ජුලි 30 වන දිනට 30 වසරක් සපිරිණි. ඔහුගේ ඝාතනය සිදු වූ අවධියේ රටේ සිදුවූයේ කුමක්ද යන්න විමසා බලමින්, ඔහු සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයකු වශයෙන් මා ඇසින් දුටු සාක්ෂි වලින් බිඳක් මේ ලිපියෙන් ආවරණය වේ. එය අද දවසට ප‍්‍රතිබිම්භනය කිරීම තුළින්් ඒ කාල වකවානුව පිළිබඳ ව වෙනස් මානයක කියවීමක් ඥානනය කර ගැනීමට පු`ඵවන් වේ යයි සිතමි.

ජාතික රූපවාහිනිය පටන්ගත් මුල් කාල වකවානුවේ දී ම රැකියාවක් සඳහා එම ආයතනයට සම්බන්ධවීමේ වාසනාව මට උදා විය. ඒ හේතුවෙන් ම කලා ක්‍ෂේත‍්‍රයේ ඒ වනවිට ද, සුරුවිරුකම් පෑ කලාකරුවන් කිහිපදෙනකුගේ ම ඇසුර නිල සහ නොනිල වශයෙන් ළඟා කරගැනීමට මට හැකිවූ අතර, ඉන් එක් අනගි අවස්ථාවක් වන්නේ පේ‍්‍රමකීර්ති ද අල්විස් නම් මහා කලා පෞරුෂ්‍යය හඳුනා ගැනීම වේ. මා පාසල් යන අවධියේ දී ඔහුගේ කටහඬට ආසක්තව සිටි ශ‍්‍රාවකයකු වශයෙන් රූපවාහිනී පරිශ‍්‍රයේ දී ඔහුව මුණගැසීම මා ජීවිතයේ ලද එක් භාග්‍යයක් විය. එහෙත් කටහඬින් මා සිතෙහි මවාගෙන සිටි රූපකායක් ඔහු සතු නොවීය. අඩි පහකට නොවැඩි උසකින් යුතු මේ විප්ලවවාදිී මාධ්‍යකරුවා සෙරෙප්පුු දෙකක් පයලා ගෙන ඉතා සැහැල්ලූවෙන් යුතු ගමන් විලාශයකින් පා තැබුවේ තමා ඇඳ සිටි අත් කොට කමීසයේ සාක්කුවේ දමා ගෙන සිටි කුඩා පනාව රැුගෙන දඟකාර කෙස්වැටිය පීරමින්ය. එවිට මා සේවය කරන ලද්දේ කලා ක්‍ෂේත‍්‍රයේ සද්දන්තයකු වූ ටයි මහතා යටතේය. ඔහු විසින් සිංහලෙන් හඬ කවන ලද කාටුන් චිත‍්‍රපටිවල සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් පේ‍්‍රමකීර්ති සමඟ සමීපව ඇසුරු කරන්නට පළමුව වාතාවරණය නිර්මාණය වූයේ ද රාජකාරි මට්ටමිනි. හඬ කවන ලද සියලූම චිත‍්‍රපටිවල ගීත රචනා කරන ලද්දේ පේ‍්‍රම් විසිනි. ටයි මහතාගේ හදිස්සියට පේ‍්‍රම් අතින් අවශ්‍ය මොහොතේ දී ගීතය නොලියවූ නිසාවෙන්, ඔහු එන පෙර මඟ රැුක සිටිමින් කලට වේලාවට ගීත රචනාව සෝමෙට (කාටුන් චිත‍්‍රපටවල අන්තර්ගත වූ සියලූම ගීත වලට මියුරු තනු සපයන ලද ප‍්‍රවීණ සංගීතඥ සෝමපාල රත්නායකයන් ව ආදරයෙන් අමතන ලද්දේ මේ නමිනි. පේ‍්‍රම් ලියූ, බෑයි කියල බෑයි, යන කාටුන් චිත‍්‍රපට ගීතයේ තනුව පමණක් සංගීතඥ සෝමසිරි ඉලේසිංහයන් විසින් නිර්මාණය කරන ලදී*. ලබාදීම මට පැවරී තිබූ ප‍්‍රධාන රාජකාරියක් විය. සුදුපාට ස්ටේෂන් වැගන් කාරෙක ගුවන් විදුලි සංස්ථාවේ ඉදිරි පස ගොඩනැගිල්ලට මුහුණලා නැවැත් වූ සැනෙකින් ම පේ‍්‍රම් පසුපස හඹායෑම ආරම්භ වේ. ඔහු සේවය කළ කාමරයට කෙසේ හෝ ඔහුව ඇතුල් කරගෙන මගේ කාර්යය ඉටුකර ගැනීමට ගතවන්නේ ටයිප් රයිටරයට කොළයක් ඇතුළත් කරන කාලවේලාව පමණි.

අඩි ගානක්් වළක් කපලා – අඩි ගානක් අනුන් හෙළලා

අඩියක්වත් ඉහල යන්න නුඹට බෑ පුතේ

අනුන්ට කැපූ වළේ – වැටෙන්නෙ නුඹයි බොලේ

මේ නම් කුමන ප‍්‍රතිභාවක් ද? තම ජීවිතයේ ඉරණම භාරගන්නා අය පිළිබඳ ව ඉවෙන් මෙන් දැනී පේ‍්‍රම් ලියූ පදවැලක් නොවන්නේද? ලියූ ගීතය රැුගෙන යන්නට මට හදිසි වූවද, පේ‍්‍රම්ට කිසි කලබලයක් නැත. උසු`ඵ විසු`ඵ මැදින් ආගිය කතා අතරේ ඔහු මා හා දොඩම`ඵ වූයේ කලක පටන් ඇසුරු කළ මිතුරෙකු පරිද්දෙනි. කතාබහේ දෙවැනි පරිච්ෙඡ්දය සමහර දිනක දී ආරම්භ වන්නේ රන්දෝලි අවන්හලේ මධුවිතක් තොලගාමිනි.

එවන් එක් දිනයකදී පැවතුණු භීෂණකාරී වාතාවරණය පිළිබඳ ව ඔහුට පවසමින් රාජකාරි කටයුතුවලින් ටික දිනකට හෝ ඈත්වෙන ලෙසට මා ඉල්ලා සිටියේ ඔහුට තිබූ ලෙන්ගතු බව නිසාවෙනි. ඒ වනවිට ද රාජකාරියට නොඑන ලෙසට මරණීය තර්ජන එල්ල කරමින් දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය විසින් රතු නිවේදන ඔහුට විරුද්ධව නිකුත් කර තිබිණ. මා ඒ පිළිිබඳව ඔහුගෙන් ඇසුවිට එය සැහැල්ලූවෙන් ඉවතලා පවසා සිටියේ, කොල්ලන්ගෙ ආණ්ඩුවක් ආවත් අපි වැඩ නොකර ගෙදෙට්ට වෙලා ඉන්නද හරි උඹ කියපන්?, පේ‍්‍රම්ගේ උත්තරයට මම නිරුත්තර වීමි.

රූපවාහිනී සහ ගුවන් විදුලි සංස්ථාවන්හි සේවය කළ අප සැමටම පාර්ශව දෙකකින් තර්ජන ගර්ජන එල්ලවෙමින් තිබිණ. සුපුරුදු පරිදි රාජකාරී කටයුතුවල නියැලෙන විට දේශපේ‍්‍රමීන්ගේ තර්ජනය. එයට බියවී නිවසේ මු`ඵගැන්වී සිටින විට එස්ටීඑෆ් එකේ ජීප් රථයක් පැමිණ අපව කුදලා ගෙන යෑම සාමාන්‍යයක් වී තිිබිණ. එවන් එක් දිනයකදි හමුදා නිලධාරීන්ට බියවී අම්මා විලාප දුන් හැටි මට තවම මැවී පෙනේ. රූපවාහිනි පරිශ‍්‍රය දිස්වූයේ කලාකරුවන්ගේ නවාතැන් පොලකට වඩා හමුදා කඳවුරක් ලෙසිනි. පොඩි පොඩි හමුදා කුටි රූපවාහිනී භූමියේ තැනින් තැන සැදෙමින් තිබිණ. සමහර දිනවලදී රූපවාහිනී සේවකයෙකු හෝ දෙදෙනකු මේ කුටි තුළට ගෙන ගොස් අඩ නිරුවත් කර, ප‍්‍රශ්න කරන බව ඇසීමෙන් අපගේ බිය දෙගුණ තෙගුණ විය. සිවිල් පරිපාලනයෙන් සම්පූර්ණයෙන් නිදහස් කර, හමුදා පාලනයකට රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනි සේවය පත් කරන ලදී ගුවන් හමුදාවේ නිලධාරියකු වූ ආනන්ද සමරකෝන් (ජාතික ගීතයේ නිර්මාතෘ නොවන බව සලකන්න.* මෙම ආයතනයන්හි නිසි බලධරයා හැටියට පත්වීමෙන් පසුව, ප‍්‍රවෘත්ති කියැවීමට පවා හමුදා නිලධාරි නිලධාරීනියන් පත් කෙරිණ. ඔවුනගේ සමහරෙක් නැවත සිවිල් තත්ත්වයට රට පත්වී තිබුණ ද, රූපවාහිනිය හැර නොගොස් එහි බින්න බහින්නට වූහ.

රූපවාහිනී සහ ගුවන් විදුලි නිලධාරීන් පිරිසකගේ සේවාව දිගටම අවශ්‍ය වූ බැවින්, තම නිවෙස් කරා යෑමට අවසර ලබානොදෙමින් ඔවුන්ව එම ආයතනවලට ආසන්නව පිහිටි ශී‍්‍ර ලංකා පදනම් ආයතනය වැනි ස්ථානවල නේවාසිකාගාරගත කරන ලදී. ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් අතුරින් රාජකාරියට නොඑන ලෙසට තර්ජනාත්මක හඬට මැදිවූ ප‍්‍රධාන නිලධාරීන් අතුරින් පේ‍්‍රම්ගේ නම ඉහළින්ම විය. පාලිත පෙරේරා, වසන්ත ලංකාතිලක වැනි ප‍්‍රවීණයින් මෙම තර්ජනයට මුහුණ දෙමින් බොහෝවිට රාජකාරියට වාර්තා කරන ලද්දේ තමන් රාත‍්‍රියේ දිී නවාතැන් ගන්නේ කොහේද යන්න පිළිබඳ ව කිසිවකුට නොදැනෙන පරිද්දෙනි. එහෙත් පේ‍්‍රම් නම් සුපුරුදු පරිදි රාජකාරියට පැමිණියේ හෝමාගම පිහිටි තම නිවසේ සිටය. ඇතුළතත් භීෂණය පිටතත් භීෂණය. මෙයට මුහුණ දෙමින් ඒ කාල වකවානුවේ සේවයට පැමිණි සේවක සේවිකාවන්ට සහ දෛනිකව ගෙදර දොරේ අවශ්‍යතාවයන් සඳහා පාරට බැස්ස ජනතාවට ගමනාගමනය සඳහා සමහරවිටෙක පිහිට වූයේ කලාතුරකින් ධාවනය වූ ලොරියක් හෝ වෑන් රථයකි. සැමන් පැටවූවා සේ මගීන් පටවා ගනිමින්, අවශ්‍ය ගමනාන්තයට ඔහු හෝ ඇයව බස්සවා ගෙන ගියේ කිසිදු මුදලක් අයකිරීමකින් තොරවය. එවැනි පරාර්ථකාමී මානසිකත්වයකට ඔවුන් යොමුවී තිබුණේ පොදු සතුරාට විරුද්ධ ව තරුණයන් විසින් කරන අරගලය සාධාරණීකරණය කිරීමේ ආධ්‍යාත්මික ප‍්‍රකාශනයක් වශයෙනි. සමහර දිනයන්හි දී කිසිදු වාහනයක් නොමැතිව යොදුන් ගණන් පයින් යෑමට පොදු ජනතාව පෙළඹී සිටියද, ඒ මඟ ඔවුන් ගෙවා ගියේ තත්කාලීනව පැවැති දුර්දාන්ත පාලන තන්ත‍්‍රය පෙරළා දැමීමේ උපවිඥානගත වූ අදහස්වල ශක්තිය කිරාමැන බලමිනි.

මේ සඳහා 86 කාල වකවානුවේ සිට ම ජනතාව ඥානනය කිරීම වෙනුවෙන් තමන්ගේ කලා භාවිතය ජනතාව වෙනුවෙන් ම මුදාහැරීමට බොහෝ කලාකරුවෝ පේවී සිටියහ. මහාචාර්ය සුනිල් ආරියරත්න, විශාරද නන්දා මාලිනී සුසංයෝගයෙන් නිර්මාණය වූ සත්‍යයේ ගීතය, පවන වැනි විකල්ප ගීත ධාරා ප‍්‍රවේශයේ වේදිකාව මින් ප‍්‍රධාන මෙහෙයුම විය. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැුගෙන යන්න යනුවෙන් නන්දා මාලිනියන්් එඩිතර හඬින් ගායනා කරන විට, දොරවල්, ජනෙල් කඩාගෙන තරුණ තරුණියෝ වේදිකාව අසලට පැමිණෙන්නට පොර බැ¥හ. ඔවුන් ප‍්‍රසංගය අවසානයේ දී ඉන් පිටව ගියේ එදින රාත‍්‍රියේ ම විප්ලවය සිදුවනු ඇතැයි දැඩි ආත්මගත විශ්වාසයකිනි. සත්‍යයේ ගීතය, පවන ප‍්‍රසංගයන් හි පෝස්ටරයක් පවා ළඟ තබාගැනීම එකල ද`ඩුවම් ලැබිය හැකි වරදක් වුවද, ගුවන් විදුලියේ තමන්ට හිමි පුංචි කාමරයට පිවිසෙන දොරටුවෙහි කාටත් පෙණෙන සේ සත්‍යයේ ගීතයේ පෝස්ටරයක් ඇලවීමට තරම් පේ‍්‍රම් නිර්භීත විය. මේ ප‍්‍රසංගයන්ට සමාන්තර ව, ආචාර්ය ගාමිණි හත්තොට්ටුවේගම ඇතුළු නඩය විසින් දිවයින පුරා නගරාන්තරයන් හි පෙන්වන ලද වීදි නාට්‍යයන්, සුගතපාල ද සිල්වා, අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි වැනි නාට්‍යකරුවන් විසින් වේදිකාවේ කරන ලද මෙහෙය සුනිල් මාධව පේ‍්‍රමතිලක, දයාසේන ගුණසිංහ, චන්ද්‍රසිරි දොඩන්ගොඩ, විනී හෙට්ටිගොඩ, චන්ද්‍රකුමාර වික‍්‍රමරත්න වැනි ලේඛකයින් දිවයින පුවත්පත ඔස්සේ ද, රාවය, යුක්තිය වැනි ටැබොලයිඞ් පුවත්පත් අඩු වැඩි වශයෙන් කරන ලද මෙහෙය සේම, විවරණ, විනිවිද වැනි මාසික සඟරාවන්ගෙන් සහ ජනතා ලේඛක සංවිධානය වැනි සංවිධානවලින් කරන ලද ඓතිහාසික කාර්ය භාර්යයන් කේන්ද්‍රගත ව තිබුණේ තරුණයින්ගේ කැරැුලිකාරීත්වය සාධාරණීකරණය කරමින් මතවාදි වශයෙන් ජනතාව එයට ලංකිරීම පිණිස වේ.

එහෙත්් පේ්‍්‍රම්ගේ මරණය සමඟ මේ සියලූ දේ කණපිට පෙරළී තිබිණ. තරුණයින්ගේ ආණ්ඩුවක් තුළ වුවද තම රාජකාරිය අකුරටම ඉටු කිරීමට සිතා සිටි පේ‍්‍රම්ව අමානුෂිකව ඝාතනය විය. ලාංකික ඉතිහාසයේ පළමුවරට කලා භාවිතයෙන් විප්ලවයකට ජනතාව ළංකිරීමේ ආධ්‍යාශයකට තම ජීවිතයන්හි වටිනාකම පවා පසෙක තබා ජනතාවාදී කලාකරුවන් කිහිපදෙනකු පේවී සිටියදී, මානවවාදී, නිර්මාණාත්මක කලාකරුවකුගේ අගය නොදත් තුවක්කුවේ හයිය පමණක් විශ්වාසය තැබූ තරුණයන් අතින් පේ‍්‍රම් ව ඝාතනය වී තිබීම එම කලාකරුවන් සැමගේ සිත් දැඩි සංවේගයට පත් කළ කරුණක් විය. ජනතාවාදි කලාකරුවන් මෙවැනි පොල්පොට් පන්නයේ ක‍්‍රියාදාමයක් කිසිවිටකත් බලාපොරොත්තු නොවීය. කලාකරුවෝ තැන් තැන්වල වික්ෂෝපව කතාබහේ යෙදුණහ. පේ‍්‍රම්ගේ දේහය කලාභවනට ගෙන ආ පසු මරණ බිය හේතුවෙන් අවසාන ගෞරවය සඳහා පැමිණි කලාකරුවෝ ද සීමිත වූහ. කලාභවනෙහි පිහිටා ඇති මහා කණුවලට තම ඔ`ඵව ගසාගෙන කලාකරුවන් කීදෙනෙක් නම් හැඬුවේද? ලේසියෙන් පහසුවෙන් හඬවන්නට බැරි වූ ටයි මහතාගේ දෑස්වලින් පවා කඳු`ඵ රූරා වැටුණේ තම සහෘද මිතුරාගේ වියෝව දරා ගැනීමට නොහැකි වීමෙනි. පේ‍්‍රම්ගේ ඝාතනයත් සමග රජය එහි උපරිම ප‍්‍රයෝජනය ගත්තේය. ප‍්‍රතිවිප්ලවය ආරම්භ වී තිබිණ.බොහෝ ජනතාවාදී කලාකරුවෝ තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා සැඟව ගියහ. අවසානයේ දී ජනතාවාදී වේදිකාවෙන් ද ඔවුහු බැස ගියහ. එහෙත් සිදුව තිබුණේ් එක් දෙයකි. එනම් විප්ලවයේ තීරණාත්මක අවස්ථාවේදී, පේ‍්‍රමකීර්ති ද අල්විස් වැනි ජාතික සම්පතක්,මානව හිතවාදියකු කෙතරම් දුරකට එවැනි විප්ලවවාදී ව්‍යාපාරයකට අවශ්‍යවේද? එසේත් නැතිනම් අනවශ්‍යවේද? යන්න පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසට එක් මූසල රාත‍්‍රියක දී අමනෝඥ තරුණ වෙඩික්කරුවකුට පවරා තිබීම පමණි. පේ‍්‍රම් ඔබ ලියූ (දාර්ශනික* ගීත රචනාවක මුල් පද වැලකින්් මෙම ලිපිය අවසන් කිරීමට මට අවසර, අපි නැවතත් හමුවෙමු.

කුරුල්ලන්ට ගී ගයන්න – ගහට වැලට පාට දෙන්න
වීසි කළෙමි හදේ තිබුණු ආදරයයි කරුණාවයි කාටවත් නොදී

Share this: