පේරාදෙණිය රෝහලේදී ගැබිනි කාන්තාවකගේ මරණයට හේතු වූ නිර්වින්දන ඖෂධ භාවිතය අත්හිටුවයි

පේරාදෙණිය රෝහලේදී ගැබිනි කාන්තාවකගේ මරණයට හේතු වූ නිර්වින්දන ඖෂධ භාවිතය අත්හිටුවයි

පසුගිය දා පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ගැබිනි මවකගේ සංකූලතා සහ ඉන් පසුව මියයාමේ සිද්ධියට හේතු වූ ඖෂධය භාවිතය දැනටමත් අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කණ්ඩායමක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට යවා ඇති බවයි.

සිසේරියන් සැත්කමක් සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ගැබිනි කාන්තාවක් කිසියම් ඖෂධයක් ලබා දීමෙන් පසු ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් මිය ගිය බවට පසුගිය අප්‍රේල් 02 වැනිදා වාර්තා විය.

Share this: