පේරාදෙණිය ගොඩකන්දෙනීයේ කුසුම භාරතී චේතියාරාම චෛත්‍යයේ සවිකර තිබූ චූඩා මාණික්‍ය කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ඇති බවට 26 වන දින පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
චූඩා මාණික්‍යට අමතරව විහාරස්ථානය තුළ තිබුණු විදුලි කේතලයක්ද සොරාගෙන ගොස් ඇති බව විහාරාධිපති අඹලියද්දේ සංඝරථන හිමියන් මේ පිලිබවදව පොලීසියට කර ඇති පැමිණිල්ලෙහි දැක්වෙයි.
රාත්‍රීකාලයේදී මෙම සොරකම සිදුව ඇති බව වාර්තා වෙයි. පොලීසිය සැකකරන්නේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක් මෙම සොරකම සිදුකර ඇති බවයි.
Share this: