ඊයේ (13) මධ්‍යහ්න 12 ට මහ මැතිවරණය සදහා නාම යෝජනා භාර දීමෙන් පසුව ඇතැම් දේශපාලන පක්ෂ විසින් නීති විරෝධි ලෙස පෙළ පාලි පැවැත්වු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පති විසින් නියෝග කර ඇත.
අදාළ නියෝගය පොලිස්පතිවරයා විසින් අද දින නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය, මේ වන විට විමර්ශන කටයුතු සිදු කරන බවත් නීතිවිරෝධි අයුරින් කටයුතු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවරීමක්ද සිදුකරන බවත්ය.
Share this: