පෙරටුගාමී අපේක්ෂකයින් 2ක් අත්අඩංගුවේ

පෙරටුගාමී අපේක්ෂකයින් 2ක් අත්අඩංගුවේ

පුත්තලම දිස්ත්‍රික් පෙරටුගාමී පක්ෂයේ අපේක්ෂකයින් දෙදෙනෙකු මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප්‍රචාරක කටයුතුවල නිරත වන අතරතුරදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් ලොරි රථයකින් වනාතවිල්ලුව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවද එහිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගත් අදාළ ලොරි රථය ද පොලීසිය බාරයට ගෙන තිබෙන අතර, අත්අඩංගුවටගත් අපේක්ෂකයින් දෙදෙනා අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: