පෙත්සම ‍ඉවතට

පෙත්සම ‍ඉවතට

පෙත්සමක් ඉදිරිපත්කරමින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරිවරයා තමන් සේවයෙන් නෙරපමින් නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිතුක් කරන ලෙස ඉල්ලා සිටියේය.

නමුත් අනුරාධපුර මහාධිකරණය විසින් එම පෙත්සම ප්‍රතික්ෂේප කර තිබේ.

2012 වසරේ පැවැති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමිව මාර්ගයක් අළුත්වැඩියා කිරිමේදී කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට හිටපු වැඩබලන සාමාන්‍යාධිකාරි සෙනරත් පුෂ්පකුමාර මහතා සේවයෙන් නෙරපා තිබුනු අතර, ඊට එරෙහිව ඔහු විසින් අනුරාධපුර මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ද්වේශසහගතව උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා විසින් තමන් සේවයෙන් නෙරපා ඇති බවයි.

තවද උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, එම අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරි සිංහරත්න බණ්ඩාර සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

කෙසේ වෙතත් අදාළ පෙත්සම සලකා බැලූ උතුරු මැද පළාත් මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නඩු ගාස්තුවලට යටත්ව පෙත්සම නිශ්ප්‍රභ කිරීමට නියෝග කර ඇත.

Share this: