ඉදිවෙමින් තිබුණු කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පරිසර අධ්‍යයන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබාදී ඇත.
ඒ අනුව අදාළ ව්‍යාපෘතිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ අධිකරණය මේ බව දැනුම් දී තිබු අතර,
පෙත්සම කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥවරයා ප්‍රකාශ කර ඇත්තේ පරිසර අධ්‍යයන වාර්තා ඇතුළු අනෙකුත් තාක්ෂණික වාර්තා ලබාගැනීම සඳහා කල් අවශ්‍ය බවයි.
මේ නිසා මීට අදාළව කල් ලබාදෙන ලෙස රජයේ නීතීඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම ඔක්තෝබර් මස 08 වනදා යළි කැඳවීමට නියෝග කර ඇත.
තවද එදිනට අදාළ කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිවරයාට නියම කර ඇත.
Share this: