පූජිත් සහ හේමසිරි ලබන 6 දා තෙක් යළි රිමාන්ඞ්

පූජිත් සහ හේමසිරි ලබන 6 දා තෙක් යළි රිමාන්ඞ්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් නොවැම්බර් 06 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (23) නියෝග කළේය.

සැකකරුවන්ට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සහ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ නෛතික ස්ථාවරය එකිනෙකට පරස්පර බැවින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වෙනත් මහෙස්ත‍්‍රාත් අධිකරණයකට මාරු කිරීමට ඉල්ලීමක් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ පිළිබඳව මෙම නඩු කටයුත්තට සමගාමීව මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ප‍්‍රතිශෝධන අයදුම්පතට අදාළව කැඳවනු ලැබූ නඩුවේ මහාධිකරණ සභාපති විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ මෙම ඉල්ලීම සිදු කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පැවසීය.

නඩුව යළි නොවැම්බර් මස 6 දා කැඳවීමට නියමිතය.

Share this: