පුපුරණ ද්‍රව්‍ය සමඟ කාන්තාවක් මාට්ටු

පුපුරණ ද්‍රව්‍ය සමඟ කාන්තාවක් මාට්ටු

නාවික හමුදාව සහ පොලිසිය 22 වැනිදා ත්‍රිකුණාමලය, කුච්චවේලි කාසිම්නගර් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වාණිජ පුපුරණ ද්‍රව්‍ය වර්ගයක් වන වෝටර් ජෙල් කූරු 54ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 50ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

පුපුරණ ද්‍රව්‍ය සඟවා තිබූ සැක කටයුතු නිවසක් සෝදිසි කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව නාවික හමුදාව පවසයි.

පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සිදුකරන නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදාව පවසයි.

Share this: