පුද්ගල ඝාතනයක් – සැකකරු අත්අඩංගුවේ

පුද්ගල ඝාතනයක් – සැකකරු අත්අඩංගුවේ

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ(12) පස්වරුවේ යක්කලමුල්ල – ගහලකොළදෙණිය ප්‍රදේශයේදී එම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පැවසුවේය.

මෙම සිදියෙන් මියගොස් ඇත්තේ යක්කලමුල්ල, ගහලකොළදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද(13) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර යක්කලමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share this: