වීදුරු තොගයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මරණයට පත් වූ බව මහනුවර මහයියාව ප්‍රදේශයේන් වාර්තා වේ.
මහනුවර මහයියාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වීදුරු ගබඩාවක් තුලදි එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකු මතට වීදුරු ගොඩක් පෙරලීම හේතුවෙන් තුවාල ලබා මහනුවර මහරෝහලට ඇතුලත් කිරීමේදී ඊයේ(31) සවස මිය ගොස් තිබුණි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ මොහොමඩ් ඉස්වාන් නැමැති ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර, මහනුවර පොලිසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.
Share this: