පුද්ගලයෙක් පරිප්පු තොගයකට යටවී අතුරුදහන්වෙලා

පුද්ගලයෙක් පරිප්පු තොගයකට යටවී අතුරුදහන්වෙලා

කර්මාන්තශාලාවක සිදුවූ අනතුරකින්, කැලණිය පට්ටිවල ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා තවත් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.
මෙම අනතුර සිදුවී අතේ පරිප්පු පියලි කරන කර්මාන්ත ශාලාවක බව සඳහන්ය.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය, පරිප්පු ගබඩා කර ඇති අඩි අනූවක් පමණ උසැති කුළුණක් කඩා වැටී එහි තිබූ පරිප්පු තොගයට යටවීමෙන් ඔහු අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන්ව ඇත්තේ මොණරාගල නුගගහබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.

Share this: