පුත්තලම දිස්ත්‍රික්කයේ ජ.වි.පෙ. අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්

පුත්තලම දිස්ත්‍රික්කයේ ජ.වි.පෙ. අපේක්ෂකයෙකුට ප්‍රහාරයක්

අද අළුයම 01.30 ට පමණ මාරවිල, තොඩුවාව ප්‍රදේශයේදී තම ආධාරකරුවන් පිරිසකට පහරදිමක් සිදු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද අළුයම පෝස්ටර් අලවමින් සිටි පිරිසක් විසින් එම පහරදිම සිදු කර ඇති අතර, පහරදීමෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කරන පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර අත.

තවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අනුව ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share this: