පුටු මාරු උන පොලීස්!

පුටු මාරු උන පොලීස්!

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

සහකාර සේවා ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ තනතුර දරන ඩී.ජී.එන්. ජයවර්ධන මහතා යළි නියෝජ්‍ය පොලිස්පති පරිපාලනයට අනුයුක්ත කර තිබේ.

ඒ සමගම උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එල් එස් ප්‍රියන්ත මහතා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් යළි අනුයුක්ත කර තිබේ.

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනුම් දීමෙන් පසු මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවශ්‍යතා අනුව ජාතික මහජන ආරක්‍ෂක කොමිෂන් සභාව විසින් අදාළ තනතුරු පත් කිරීම සහ මාරු කිරීම අනුමත කර ඇත.

Share this: