රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ සංචාරයක් සඳහා සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියානු ජනාධිපතිවරයා රුසියාවට ඈඳාගත් යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුක්රේනයට එරෙහිව යුද ප්‍රකාශයක් කරන පසුබිමක රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණීම අසාමාන්‍ය දෙයකි. එහෙත් පුටින් යුක්රේනයේ සංචාරය කරන්නේ කවදාදැයි රුසියාව ප්‍රකාශ කර නැත.
රුසියානු ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඩොන්බාස් රුසියාවේ කොටසක් බැවින් ජනාධිපතිවරයාගේ සංචාරය නියමිත පරිදි සිදුවනු ඇති බවයි.
Share this: