පුජ්‍ය උඩුමලගල ශ්‍රී මහින්ද මහා හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය  කිරිමේ මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් ….

පුජ්‍ය උඩුමලගල ශ්‍රී මහින්ද මහා හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරිමේ මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් ….

සියම් මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශවයේ අභිනව මහානායක පදවියට පත් පුජ්‍ය උඩුමලගල ශ්‍රී මහින්ද මහා හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරිමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (19) පස්වරුවේ ගාල්ල, කොට්ටාගම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
 
අභිනව මහානායක හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. 
 
කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන් වහන්සේ, අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, අමාත්‍යවරුන් වන පියසේන ගමගේ, ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ඡායාරූප – උදේශ් ගුණරත්න
Share this: