පුංචි සිහින මවන බයියන්

පුංචි සිහින මවන බයියන්

ඌව ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, එකතුවී අරගල කරනු ලැබුවේ එක් දූෂිතයෙකු හා දූෂිත කණ්ඩායමකට එරෙහිව බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙමින් දැවැන්ත අභියෝගයක් බාරගත් බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ බවත්, සෙසු පක්ෂ හා සිවිල් සංවිධානද ඒ වෙනුවෙන් උරදුන් බවත් ඔහු අද(06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මේ සැවොම එක්ව පන්න දැමු දූෂිතයන් යළි කැටුව එන්නට කිසිවෙකුත් උත්සාහ නොකරන බව ඔහු අවධාරණය කළේය.

මෛත්‍රී-මහින්ද එකතුවන බවට රටටම වැරදි ප්‍රවෘත්තියක් දීමට බොහෝ දෙනා උත්සාහ ගන්නා බවත්, නවතත් එම දුශිතයන්ම, මොනවා හරි දෙයක් ලැබෙන්න යන්නේ යයි සිතා සතුටු වන බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සිනා සෙමින්ය.

රට විනාශ කරන ලද කණ්ඩායමම නැවත වතාවක් රටේ ආණ්ඩු බලය ගන්නට කටයුතු කරනු ඇති බවට බයියන් පුංචි සිහිනයක සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Share this: