රත්නපුර, රත්ගඟ පුංචි දඹදිව අසූ මහා ශ්‍රාවක බුදුරාජ මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධගයා අනු රූ විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවැත්විණි.
අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාර මන්දිරය සහ, බෝධින් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතවූ අතර අනතුරුව විහාරස්ථානයේ සමන් දේවාලය වෙතද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව අභිනව විහාර මන්දිරය විවෘත කරමින් එහි ප්‍රථම මල් පූජාව සිදු කළේය.
විහාරාධිපති පූජ්‍ය ගිලිමලේ චන්ද්‍රාලෝක නායක හිමිපාණන් වහන්සේද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.
ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විහාර පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමද සිදුවිය.
ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් විහාරස්ථානය වෙත පැමිණ සිටී අතර ජනාධිපතිතුමා ඔවුන් සමඟද සුහද කථා බහක නිරත විය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේ, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර අමාත්‍යවරුන් කරූ ජයසුරිය, විජයදාස රාජපක්ෂ, තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන්ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
ඡායාරූප – නිශාංක ද සිල්වා
Share this: