පිළිකා මගින් රෝගී වීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සහ පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක් ලෙස නව ප්‍රතිපත්තිය හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
තවද, ශ්‍රී ලංකාව තුළ මේ වන විට පිළිකා රෝගීන් වාර්තා වීමේ ඉහළ නැඹුරුතාවක් පෙන්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
එසේම පියයුරු, මුඛ, ගලනාලය, ගැබ්ගෙල, පෙනහළු, තයිරොයිඩ් පිළිකා මෙරට බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග වන අතර, දුම්පානය, මත්පැන් පානය මෙන්ම බුලත් විට ආහාරයට ගැනීම ද පිළිකා රෝගය වර්ධනය වීමට බලපාන කරුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදෙයි.
එම නිසා පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රම විධිමත් කිරීම මෙන්ම පිළිකා රෝගය පාලනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් හඳුන්වාදීම මුලික කරගනිමින් නව ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Share this: