පිහි ඇනුමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ බිරිඳට තුවාල

පිහි ඇනුමකින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ බිරිඳට තුවාල

බේරුවල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමිත කවිරත්නගේ බිරිඳ පිහි ප්‍රහාරයකින් තුවාල ලබා තිබෙනවා.

පිහි ඇනුම සිදුව ඇත්තේ වින්දිත කාන්තාවට අයත් වෙළඳසැලක් තුළදීය.

සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී අඟල් පහක් පමණ දිග පිහියක් ද සොයාගෙන තිබේ.

පහරකෑමට ලක්වූ කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පෞද්ගලික ආරවුලක් ප්‍රහාරයට හේතුව ලෙස සැලකෙන බව පොලිසිය පවසයි.

Share this: