ගෞතම බුදුරදුන්ගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි.
ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලොව පුරා වෙසෙන බෞද්ධයන් ද ආගමික අර්ථයන් රාශියක් ඇති වෙසක් පුන් පොහෝ දිනය සමරයි.
වෙසක් පොහොය දිනයක සුමේධ තාපස ආත්ම භාවයේදී
බුදුන් වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී කැලණියට මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.
Share this: