පිටසක්වල ජීවියෙක් දැකලා

පිටසක්වල ජීවියෙක් දැකලා

පිටසක්වල ජීවීන් දැකගැනීමට බොහෝ දෙනෙක් දැඩි කුතුහලයෙන් පසුවනවා. තවමත් සැබෑ ලෙසම පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දැකගැනීමට කිසිවෙකු අසමත් වී තිබෙනවා. නමුත් යම් වාර්තාවල සඳහන්වන පරදි අභ්‍යාවකාශයේ සැරිසැරූ ගගනගාමීන් මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා.

ඒ පිළිබඳව නවතම වාර්තාවක් ආන්දෝලනාත්මකව ඉදිරිපත් කිරීමට නාසා ආයතනයේ ඉන්ජිනේරුවරයෙකු සමත්වී තිබෙනවා. ඔහු පවසන්නේ අභ්‍යාවකාශයේ පර්යේෂණයක යෙදී සිටියදී ඔහුට පිටසක්වල ජීවියෙක් පියවි ඇසින් දර්ශනය වූ බවයි.

ඔහු විනාඩියයි තප්පර 7ක් පමණ දර්ශනය වූ බවත් අඩි 9ක් පමණ උසින් යුක්ත බවත් ඔහු සඳහන් කර තිබෙනවා. ක්ලාර්ක් මැක්ලන් වන මොහු සමඟ තවත් සහයකයෙකු මෙම අභ්‍යාවකාශ ගමනේ යෙදී ඇති අතර ඔවුන් අසලට මෙම පිටසක්වල ජීවියා පැමිණි බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

Share this: