පිළිගත් විදේශීය වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධි සමත් වූ සහ ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව විසින් පැවැත්වූ මූලික කඩඉම් පරීක්ෂණවලින් (ඇක්ට් – 16) සමත් වන වෛද්‍යඋපාධිධාරීන් ලියාපදිංචි කර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (23 දා) ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය.
ඊයේ සිට දින 30 ක් ඇතුළත එම ලියාපදිංචි කර ගැනීම සිදුකිරීමට පියවර ගන්නා ලෙසට ද ප‍්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය සහ මූර්දු ප‍්‍රනාන්දු යන ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය.
විදේශීය වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධි සමත් වූ සහ ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව විසින් පැවැත්වූ මූලික කඩඉම් විභාගයෙන් සමත් වූ තමන් ලියාපදිංචි වීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත‍්‍ර ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව විසින් ප‍්‍රතික්ෂේප කොට ඇති බව පෙන්වා දෙමින් වෛද්‍ය උපාධිධාරීන් 16 දෙනකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේය.
ශී‍්‍ර ලංකාව තුළ වෛද් වෘත්තීයේ නියැළීම සඳහා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභවේ ලියාපදිංචිය අනිවාර්ය බවත් අවශ්‍ය සියලූ සුදුසුකම් සපයා තිබියදීත් තමන් ලියාපදිංචි නොකිරීම මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පෙත්සම්කාර වෛද්‍ය උපාධිධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබිණි. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම හා ඉදිරිපත් කළ ලේඛන සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවට බැලූ බැල්මට පෙනී යන බවට නිගමනය කොට එම පෙත්සම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මුල් අවස්ථාවේදීම තීරණය කොට තිබිණි.