පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර අගෝස්තු 08 වනදා විවෘත කිරීමට රජය සූදානම් වන අතර තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන කොටසේ වැඩ ආරම්භ කිරීමට නියමිතව ඇත.
තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) සඳහන් කළේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.
තෙවන කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන්නෙකුට කෙලින්ම කටුනායක දක්වාම ගමන් කළ හැකි අතර පිටත වටරවුම් මාර්ගයේ සම්පූර්ණ දුර ප්‍රමාණය කි.මීටර් 29.1 කි.
Share this: