පැහැරගැනීමක් සහ ඇසිඩ් ප්‍රහාරයක්

පැහැරගැනීමක් සහ ඇසිඩ් ප්‍රහාරයක්

ඇඹිලිපිටිය, පනාමුර මාර්ගයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවකට සහ එහි රියදුරාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇත.

ඇසිඩ් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු මෙම පුද්ගලයින් දෙදෙනා මේ වන විට ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාව පැහැර ගැනීමට ලක්වු බවට ඊයේ දිනයේ දී අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

තවද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළ ද තුවාලකරු සහ තුවාලකාරිය ප්‍රකාශ ලබාගත නොහැකි තත්ත්වයෙන් බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

ඇඹිලිපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: