‘පැවැති ආණ්ඩුවේ අසාර්ථක මුල්‍ය ප්‍රතිපත්ති තිබුනේ’ – ඇමති රවී

‘පැවැති ආණ්ඩුවේ අසාර්ථක මුල්‍ය ප්‍රතිපත්ති තිබුනේ’ – ඇමති රවී

රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරයට මුදල් නොමැති බවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම ඇතුළු කරුණු රැසක් අනාවරණය කිරීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (06) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එහිදී, ආණ්ඩුවට මුදල් ලබා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසිය.

එහිදී ඇමතිවරයා කියා සිටියේ පැවැති ආණ්ඩුවේ අසාර්ථක මුල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවට බවද, මුදල් නොමැති නම් රාජ්‍ය සේවකයන්ට මෙවර උත්සව අත්තිකාරම් මුදල දෙගුණ කර ලබා දුන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්ණ කර සිටියේය.

Share this: