හෙට දිනයේ (29) කෝට්ටේ ජල පොම්පාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, උඩහමුල්ල, මිරිහාන, නුගේගොඩ, පාගොඩ, විජේරාම සහ නාවල යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
තවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බවයි.
Share this: