පොලීසිය පවසන අන්දමට, පශ්චාත් මැතිවරණ සමයේ මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 11දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලි 09කට අදාළව එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
බැන තර්ජනය කිරීම්, පහරදීම් එම පැමිණිලි අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඡන්ද විමසීම අවසන් වූ පසුගිය 17 වනදා පස්වරු 4 සිට දින 07 කාලයක් පශ්චාත් මැතිවරණ සමය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, එම කාලය තුළ නීති විරෝධී රැස්වීම් පෙළපාලි පැවැත්වීමෙන් වැළකී ජය පරාජය සාමකාමීව භුක්ති විඳින ලෙස පොලීසිය දැනුම්දෙයි.
Share this: