2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ තොරතුරු වසන් කිරීමේ චෝදනාවට ලක්ව සිටින දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුතුන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවකට අදාළව විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය මැයි 15 වැනිදා ප්‍රතික්ෂේප කළේය.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාගය 2023 ජූලි 06 වැනි දින පැවැත්වීමට ද නියෝග කළේය.
විත්තිකාර මොහොමඩ් ඊබ්‍රාහිම් කොළඹ ප්‍රධාන ධාරාවේ හෝටල්වල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉන්ෆාස් අහමඩ් සහ ඉල්හාම් අහමඩ් යන මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියාය. අනෙක් විත්තිකරුවන් දෙදෙනා අදාළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ සහෝදරයන්ය.
Share this: