පාසල් සිසුවියක දුෂණය කරලා

පාසල් සිසුවියක දුෂණය කරලා

මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන   වයස අවුරුදු 14 ක් වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 19 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම, මඩගල්ල පදිංචිකරුවෙකු  වෙ.

මෙම පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දංකොටුව, කටුකෙන්ද පදිංචිව සිටින පාසල් සිසුවියක බව  සඳහන් වේ.

තවද  සැකකරු සහ  පාසල් සිසුවිය  අතර  ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගොස් ඇති අතර  එම සම්න්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය 13 වැනිදා සැකකරු පාසල් සිසුවියව  ඇයගේ දෙමව්පියන්ට හොර රහසේ රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

සැකකාර පෙම්වතාගේ නිවසට තමන්ව කැඳවාගෙන පැමිණි පසුව ඔහු තමා සමඟ අඹුසැමි ඇසුරක් පැවැත්වු බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

Share this: