පාසල් විෂයට AI හඳුන්වා දීමට යයි

පාසල් විෂයට AI හඳුන්වා දීමට යයි

2024 වසරේ සිට පාසල් විෂය නිර්දේශයට තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය යන විෂයයන් දෙකක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව දිවයින පුරා පාසල්වල 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉහත සඳහන් විෂයයන් ඉගැන්වීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමගාමීව රටේ අධ්‍යාපන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව තෝරාගත් පාසල් 20ක් තුළ මේ සම්බන්ධයෙන් නියමු වැඩසටහනක් ජුනි මාසයේදී ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා ඉංග්‍රීසි භාෂාව භාවිතය ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රචලිත කිරීමට ද විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පැවසීය.

Share this: