පාසල් බෑග් සහ පාසල් සපත්තු මිල අඩු වෙයි

පාසල් බෑග් සහ පාසල් සපත්තු මිල අඩු වෙයි

දේශීයව නිෂ්පාදිත පාසල් බෑග් සහ පාසල් පාවහන් මිල අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟතාව පළ කර ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

අප්‍රේල් 25 වැනිදා පැවති රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ මිල රුපියලේ අගය ඉහළ යද්දී යළි අඩු නොකළ බවයි.

පවතින තත්ත්වය හමුවේ දෙමාපියන් දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දී ඇති බැවින් ඉහත කී භාණ්ඩවල මිල අඩු නොකළහොත් විකල්ප වෙත යාමට රජයට සිදුවන බවද ඔහු නිෂ්පාදකයින්ට ප්‍රකාශ කර තිබුණා.

Share this: