පාසල් දරුවන් 250කට ලාදුරු වැලදී ඇති බව වෛද්‍යවරු කියයි!

පාසල් දරුවන් 250කට ලාදුරු වැලදී ඇති බව වෛද්‍යවරු කියයි!

ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසන්නේ මෙරටින් ළමා ලාදුරු රෝගීන් හඳුනා ගැනීම ඉහළ ගොස් ඇති බවයි.

වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසන්නේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ළමා ලාදුරු රෝගීන් 250 දෙනෙකු පමණ පසුගිය වසරේ සිට මේ දක්වා හඳුනාගෙන තිබෙන බවයි. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වැඩි දෙනෙකු වාර්තා වන බවත් ඔහු කියා සිටියේය.

රට තුළ ලාදුරු රෝගීන් වැඩි වීමට හේතුව බව ඔහු පවසනේ පසුගිය වසර 3 තුළ රෝගීන් හඳුනා ගැනීමේ අඩුවක් සිදු වීම සහ එයට රජයේ වගකිව යුතු පාර්ශ්වයන් අවධානය ලබා දිය යුතු බවයි.

Share this: