පාසල්වලට මත්ද්‍රව්‍ය ඇතුලු වී ඇති නිසා දෙමව්පියන්ගේ අවදානය වැඩි කරන්න!

පාසල්වලට මත්ද්‍රව්‍ය ඇතුලු වී ඇති නිසා දෙමව්පියන්ගේ අවදානය වැඩි කරන්න!

“මත්ද්‍රව්‍ය විවිධ ආකාරවලින් පාසල්වලට ඇතුළු විය හැකියි. මත්ද්‍රව්‍ය දැමූ ටොෆි, මත් චොක්ලට්, මත් ද්‍රව්‍ය සහිත ලොලිපොප් සහ පෙති. ඒ නිසා මේ ගැන සහ ඒවා භාවිතා කිරීමේ ප්‍රතිවිපාක ගැන දෙමාපියන් දැනුවත් කිරීම ඉතා වැදගත්” යැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ප්‍රධානී රේණුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ දරුවන් පාසල් යන කාලය තුළ දෙමාපියන්ගේ අවධානයෙන් සිටීම වැදගත් බවයි.

“සමාජයේ ඇතිවෙන අභියෝග එකපාරටම අපිට නවත්වන්න බැහැ. මත්ද්‍රව්‍ය ටොෆි, චොක්ලට්, පෙති වගේ නොයෙකුත් ක්‍රමවලින් පාසල්වලට එනවා. දෙමව්පියෝ මේක ඔබේ දරුවන්ට කියන්න. ඔවුන්ගේ දේවල් ගැන කතා කරන්න. ඔබේ දරුවන් විශ්වාස කරන්න. ඔහු අවිශ්වාස නොවන පරිදි ඔහුව තේරුම් ගන්න.

Share this: