මේ දිනවල කතාබහට ලක්වෙන රක්නා ලංකා ආරක්ෂක සමාගම කිසිදු නීති විරෝධී සමාගමක් නොවන බවත් එය රජයට අයත් සමාගමක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ මේ වන විට දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන තුන්සිය හැට කාලීන වැඩසටහන සමඟ එක්වෙමින්ය.
ඒ අනුව රක්නා ලංකා සමාගමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, අදාළ සමාගමෙන් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් සිය ආරක්ෂක කටයුතු සිදුකර ගැනීමට කටයුතු කළ ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම ඇවන්ගාඩ් සමාගම යටතේ පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා රුකුලක් වු සමාගමක් බවත්, එහි කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු නොවු බවත් එම සමාගම සම්බන්ධයෙන් විශාල පැහැදිළි කිරීමක් සිදු කරමින් ඒ මහතා පැවසුවේය.
ඇතැමුන් චෝදනා කරන ආකාරයට බොදු බල සේනා සංවිධානය සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නොතිබු බවත්, තමා සහ තම සහෝදරයා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මුස්ලිම් ජනතාව සමඟ විරසැක වීමට කිසිදු හේතුවක් නොතිබු බවත් හෙතෙම සඳහන් කළේය.
තවද තමාට අමෙරිකාවට ගියහොත් සිදුවන්නේ විදුලි පුටුවේ වාඩි වීමට බවත්, එල්.ටී.ටී.ඊ. හිතවාදීන් බලා සිටිනුයේ එය සිදුවනවා දැක ගැනීමට බවත් ද්විත්ව පුරවැසිභායක් ඇති හිටපු ආරක්ෂක ලේකම්ගෙන් අප මාධ්‍යවේදී මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේය.
එසේම ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවෙකු වූ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද්දේ පසුගිය ආණ්ඩු සමයේදී බවත්, වර්තමාන රජය බලයට පත්වී ඔහුව ලංකාවට ගෙන ඒමට කටයුතු කළ බවත් එම අවස්ථාවේදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
උපුටාගැනීම අද දෙරණ