පාලනය කරගත නොහැකිව බසයක් ගසක හැපී 20ට තුවාලයි

පාලනය කරගත නොහැකිව බසයක් ගසක හැපී 20ට තුවාලයි

පල්ලෙවෙල සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වු බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවත පැන ඒ අසල වු ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

මෙම රිය අනතුරෙන් බසයේ ගමන් ගත් බණ්ඩාරවෙල  පුද්ගලයින් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පසුව අනතුරින් තුවාල ලැබුවන්  බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන් අතර ළමුන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.

අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: