කුරුණෑගලදී නිලධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
එම සංගමයේ සභාපති කෝසල රංගනාත් සඳහන් කළේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්ව සිටින බවයි.
එම නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවද ඔහු අවධාරණය කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 04) නාරම්මල ප්‍රදේශයේ සත්ව ගොවිපළක ගබඩා කර ඇති බිත්තර තොග පිළිබඳ සොයා බැලීමට ගිය CAA නිලධාරීන් පිරිසකට කිසියම් පිරිසක් විසින් පහර දී ඇත.
පසුව පහරදීමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ CAA නිලධාරීන්ට අනාරක්ෂිත ලෙස සත්ව ගොවිපලවලට ඇතුළු විය නොහැකි බවයි.
කෙසේ වෙතත්, ඕනෑම වාණිජ පරිශ්‍රයකට ඇතුළු වීමට CAA විමර්ශන නිලධාරීන්ට නීත්‍යානුකූල බලය ඇති බව ද රංගනාත් මහතා ප්‍රකාශ කළේය.