පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට පහර දුන් ජන්ඩි රිමාන්ඩ්

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන්ට පහර දුන් ජන්ඩි රිමාන්ඩ්

කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයට අයත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසකට නාරම්මල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව මැයි 05 වැනිදා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් මැයි මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මැයි 04 වැනිදා නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළකට නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති බව කියන බිත්තර තොගයක් පිළිබඳව ලැබුණු තොරතුරක් මත විමර්ශනය කිරීමට CAA නිලධාරීන් පිරිසක් එහි ගොස් තිබේ.

කෙසේ වෙතත්, ඔවුන් පැමිණීමත් සමඟ එම ස්ථානයේ සිටි පුද්ගලයින් පිරිසක් විමර්ශනයට බාධා කිරීමේ උත්සාහයක් ලෙස නිලධාරීන්ට පහර දී ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ CAA නිලධාරීන් පස් දෙනෙකු පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සත්ව ගොවිපළේ හිමිකරු වන සිව්වන පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share this: