19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය හෙට දින විවාදයට ගැනීමට නියමිත තිබෙන අතර, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව කල් තබන ලදී.
පසුව එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධතාවයක් දක්වා තිබෙන අතර, එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පාර්ලිමේන්තු සභා ගර්භය මධ්‍යයට පැමිණ වාඩි වී විරෝධතාවයක් දක්වා ඇති බව වාර්තා වේ.
මෙයට ප්‍රදාන හේතුව වී අතේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අල්ලස් කොමිසම වෙත කැඳවීමට දැනුම්දීම සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගමට අල්ලස් කොමිසම වෙත කැඳවීම් කිරිම හේතුවට විරෝධතාවයක්, දැක්වීම සදහා බව දැනගන්නට ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසට කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමක් බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට කැඳවීම් කිරීම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවත් අදාළ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.