පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්නා පුද්ගලයා අගමැතියි

පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්නා පුද්ගලයා අගමැතියි

ජනතා සම්මුතියකින් තොරව නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවැසීය.

එසේම තමා ජනපතිධුරයට පත්වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍යධුරයට පත්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රකාශ කළේ තම අමාත්‍ය මණ්ඩලයට දූෂණයෙන් තොර පුද්ගලයන් බඳවා ගන්නා අතර හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවයි.

ජාතික ලැයිස්තුවෙන් වෘත්තීයවේදීන්ට හා කාන්තාවන්ට අවස්ථාව දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍ර අහෝසි කරන බවයි.

දූෂණය පිටුදැකීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

Share this: