පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවෙන් පසු මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීම සදහා ඉදිරිපත් කළ යෝජනාවන් ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් නැති බව පෙන්වාදෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
ඊයේ(03) ජනාධිපතිවරයා විසින් කර ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන් අදාළ යෝජනාවන් අතුරින් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බව පෙන්වා දී ඇත.
මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ආර්ථිකය ස්ථායිකරණය පිළිබද කාරක සභාව, බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව යනුවෙන් වූ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා පත්කිරීමට යෝජනා කලත් එය සිදුවී නැති බව ජනාධිපතිවරයා විසින් කථානායකවරයාට පෙන්වා දී තිබේ.