ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම යටතේ මාස 48ක දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළ අප්‍රේල් 25 වැනිදා සිට පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසයි.
පාර්ලිමේන්තු විවාදයෙන් පසුව, IMF සඳහා සහය ලබා දෙන්නේද යන්න දේශපාලන පක්ෂ නායකයින් තීරණය කරනු ඇති බව සඳුදා (අප්‍රේල් 10) තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සඳහා තීරණාත්මක වන මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් නොව ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ද ඇතුළත් ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහනක වැදගත්කම රත්නායක මහතා මෙම හමුවේදී අවධාරණය කළේය.
Share this: