පාතාලයේන් පොලිසියට තර්ජනයක්

පාතාලයේන් පොලිසියට තර්ජනයක්

පසුගිය දිනක, දෙමටගොඩ දී හමවුණූ පුද්ගල පාද සහ නාවලදී නාවල ඇලේ තිබී නිය ගලවන ලද අතක් හමුවිය.

මෙය පාතාලයේ නැවත නැගී සිටීමක පෙර නිමිත්තක්දැයි සැකයක් පොලිසියට ඇති වී තිබේ.

ඒ අනුව මේ වනවිට රටින් පලා ගොස් සිටින පාතාලයේ කිහිප දෙනෙක්ම මෙරටට පැමිණ ඇති අතර තවත් කිහිප දෙනෙක් නැවත පැමිණීමට සූදානමින් සිටින බව, පැවසේ.

බුද්ධී අංශවෙත ලැබී ඇති තොරතුරුවල සඳහන් වන්නේ, ඒ අය මේ වන විට සිය ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් දඩයම් කිරීමට පටන්ගෙන ඇති බවයි.

මෙයට කදිම උදහරනායක් වනුයේ කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවට පත්ව රක‍්ෂිත බන්ධනාගාරගතවූ බිල්ඩර් ප්‍රසාද් නැමැත්තා ඉකුත් ජනවාරි 21 වෙනිදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි දෙනෝදාහක් දෙනා බලා සිටියදී තරුණයන් පිරිසක් විසින් කපා දමා පළා ගියේය.

එසේම ඊට සම්බන්ධ කිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව නැත.

තවද, එම ඝාතනය සහ දෙමටගොඩින් හමුවුණු පාද සහ නාවල ඇලෙන් හමුවුණූ මිනිස් අත අතර සම්බන්ධයක් ඇති බව සැකකෙරේ.

එම පාද සහ අත එකම පුද්ගලයෙකුගේ දැයි යම් සැකයක් ඇති වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක‍්ෂණයක් පැවැත්වෙමින් පවතී.

පාද සහ අත හිමි පුද්ගලයා කවුරුන්දැයි අනාවරණය වී නැති අතර පසුගිය දිනවල කොළඹ සහ ඒ අවට ප්‍රදේශ ආශිතව පුද්ගල අතුරුදන්වීම් පවා වාර්තා වී නැති බැවින් ඒ කාගේ අත් පාද යන්න පිළිබදව දැඩි ගැටළුවකට පොලිසිය මැදිව සිටි.

Share this: