පාකිස්තානයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව ශ්‍රී ලාංකික සිසුන් සඳහා පූර්ණ සහ අර්ධ වශයෙන් අරමුදල් සපයන ශිෂ්‍යත්ව ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, පාකිස්තාන සහ ශ්‍රී ලාංකික සිසුන් අතර ඵලදායී දැනුම හුවමාරුවක් සහ සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ‘අල්ලාමා මුහම්මද් ඉක්බාල් ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය’ යටතේ පූර්ණ හා අර්ධ වශයෙන් අරමුදල් සපයන ශිෂ්‍යත්ව ප්‍රකාශයට පත් කරන ලදී.
ඉහත සඳහන් වැඩසටහන යටතේ, BS, MS සහ PhD මට්ටම්වල සියලුම විෂයයන් සඳහා ශිෂ්‍යත්ව ලබා ගත හැකි බව HEC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
Share this: