පාකිස්තාන පොලිසිය ඉරිදා හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට, ඔහුගේ සහායකයින් 17 දෙනෙකුට සහ ආධාරකරුවන් දුසිම් ගනනකට ත්‍රස්තවාදය සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇති බව වාර්තා වෙයි.
මෙය සිදුව ඇත්තේ, හිටපු පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අල්ලස් නඩුවට පෙනී සිටීමට නියමිතව සිටි උසාවිය ඉදිරිපිටදී ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) කම්කරුවන් පොලීසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසුවය. ඛාන් ආධාරකරුවන් පොලිස් නිලධාරීන් වෙත ගල් ප්‍රහාර එල්ල කරන විට කැරලි මර්දන පොලිසිය බැටන් පොලු සහ කඳුළු ගෑස් භාවිතා කළේය.
Share this: