පාකිස්තානය දැඩි රාජ්‍ය විරෝධී විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ.
විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව ජනතාව විරෝධතාවයේ නිරත වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
විරෝධතාකරුවන් පන්දම් අතැතිව රජයට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පාකිස්ථාන රජයට විරුද්ධ දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරිකයින් රැසක් මෙම විරෝධතාවලට එක්ව සිටි බවද වාර්තා විය.
එරට ජනතාව පැය 22ක් දක්වා විදුලිය ඇනහිටීම්වලට මුහුණ දෙන බව පැවසේ.
රජය බලය පාවිච්චි කරමින් ජනතාව පීඩාවට පත් කරන බවට විරෝධතාකරුවන් චෝදනා කළා.
විදුලි අර්බුදය හේතුවෙන් පාකිස්ථානයේ තිරිඟු පිටි හිඟයක් ඇතිවීම ද විරෝධතාවලට ප්‍රධාන හේතුවක් වී තිබේ.
Share this: