දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් පකිස්ථානයේ විදේශ විනිමය සංචිත අනතුරුදායක මට්ටමට පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව පාකිස්ථාන රාජ්‍ය බැංකුව සතුව පැවති විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 784කින් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
පකිස්ථාන මහ බැංකු වාර්තාවට අනුව 2019 ජනවාරි මාසයෙන් පසු පකිස්ථාන රාජ්‍ය බැංකුවේ විදේශ විනිමය වත්කම් ප්‍රථම වරට වාර්තාගත ලෙස පහත වැටී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පකිස්ථානයේ සමස්ත ද්‍රවශීල විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 12.58 කි.
Share this: