බොරදිය පොකුණ දීර්ඝ කාලයකට පසු නැරඹීමට ලැබුණු උසස් ගණයේ සිනමා කෘතියකි. රජකතා, ධර්ම කතාවලින් වැසී ගිය සහ ප්‍රේකෂකයින්ගේ සාක්කුවලට තට්ටුකල, තොරණ ගණයේ සිනමා කෘති අතරට පැමිණි බොරදිය පොකුණ ඇත්තෙන්ම බොරදිය පොකුණක් නොව ඉතා පිරිසිදු ජලයෙන් සුසැදි පොකුණකි. නමුත් සමාජය නමැති බොරදිය පොකුණ කලතවා අධ්‍යකෂවරයා විසින් ප්‍රේකෂකයා තුළ මවන සිනමා රසවින්දනය පමණක් නොව මෙම අවවර්ධිත සමාජයේ චරිත කිහිපයක් හරහා මවන චිත්‍රය, සමාජය පිළිබඳවද අපේ සමාජයේ පවුල් ඒකකය සහ මිනිස් චරිතවල පවත්නා ගුඨ චින්තාවලිය ද අප ඉදිරියේ කදිමට නිරූපණය කරයි.
1977 පසු ඇතිවූ විවෘත ආර්ථිකය හරහා ලංකාව තුළ විස්ථාපනය වූ වෙළඳ කලාප යෞවන සමාජය, ගමත්, නගරයත් අතර පරතරය පියවීම සඳහා තරුණ ලාභ ශ්‍රම බලකායක් නිර්මාණය කළේය. ග්‍රාමීය තරුණියන් සඳහා වෙළඳ පළක් නිර්මාණය වීම තුළ නගරයට ඇදුණු මෙම තරුණියන් අඩු වැටුපට පමණක් නොව දරුණු ලිංගික සූරකෑමකටද හසු විය. කම්කරු පන්තියක් ලෙස සාමූහිකව ධනපති කොම්පැණිකාරයින්ට විරුද්ධව පෙළ ගැසෙනු වෙනුවට බොහෝ තරුණ තරුණියන් යොමු වුයේද ග්‍රාමීය සමාජයේ නොතිබුණු නිදහස්කාමී ජීවිතයකට යොමු වීම තුළ හුදෙක් තම පෙම්බර පෙම්බරියන්ද සමඟ ලිංගික කි්‍රයාතුළට ගොනුවීමය. විශේෂයෙන්ම මේ නිසා සිදුවූයේ ස්ත්‍රිය නගරයේ ලිංගික සූරාකෑමේ වහලියක් වීමය. මේ කලාපයේ ස්ති්‍රය යන සාධකය හුදෙක් පුරුෂ ආධිපත්‍යයේ දැඩි පීඩනයට ලක්විය. තරුණියන්ගේ එක් කලාපයක් මේ ලෙස විද්‍යාමාන වන අතර පුරුෂයින්ගේ කලාපය යුද නමුදු සෙබළු හරහා සමාජගත විය.
යුද්ධයට හිරවූ මානසිකත්වයද හුදු ලිංගික පීඩනයද ඔවුනට මුදා හැරීමට මෙම කලාපයේ නිදහස් තරුණියන් මහෝපකාරි වූහ. එදිනෙදා ජීවිතයේදී හුදු ලිංගික උත්තේජනය මිසක පවුල් ඒකකයක් ගොඩනගාගෙන සමාජය තුළ තැන්පත්වීම මෙම පරපුරෙන් ගිලිහි ගියහ. එම බේදවාචකය බොරදිය පොකුණ තුළ මැනවින් සාකච්ඡාවලට ලක්වේ. මෙම චිත්‍රපටයේදී අධ්‍යකෂවරයා සිනමා කතා කලාව පිළිබඳවද පැසුණු බුද්ධියකින් යුක්තය. වැඩිහිටියන්ට පමණක් සීමාව තුළ වුවද ඔහු මතුකරන ලිංගික සබඳතාද කලාත්මක ලෙස නිරූපණය කිරීමට මහත් වෙහෙසක් දරයි. මෙහි ප්‍රදාන චරිතය වන ගෝතමී (කෞශල්‍යා ප්‍රනාන්දු) මුළු සිනමා කෘතියට පදනම් වී ඇත. අතුරු චරිතද ප්‍රධාන චරිතයේ භූමිකාව උච්චස්ථානයට නැංවීම සඳහා අධ්‍යකෂවරයා පරිස්සම් වෙයි. නමුදු භවසාතෝ චරිතය (විපුල) ගොතම්ගේ චරිතය විග්‍රහ කිරීම සඳහා මහත් රුකුලක් දෙයි.
නමුදු භටයාත්, ගෝතමීත්, මංගලාත් අතර ති්‍රකෝණිකව බැඳී ඇති සම්බන්ධතා තුළ ඔවුන්ගේ කි්‍රයාවන් අතර ප්‍රතිවිරෝධතා මතුකරන අයුරු ඉතා මනස්කාන්තය. ගෝතමී තම යෙහෙළිය වන මංගලාගේ පෙම්වතා තම ග්‍රහණයට ගන්නේ හුදෙක් ලිංගිකත්වය සඳහාම පමණක් නොව ඒ හරහා තම සහකාරයෙක් සොයා ගැනීමේ අරමුණ ද පෙරදැරි කරගෙනය. විපුලගේද පුරුෂ ආධිපත්‍යයට අභියෝග කරන ගෝතමී තමා නොදැනුවත්වම දරුවකු ද ගැබ දරාගෙන ජීවිතයේ නොයෙක් දුක් කම්කොටළු වලට මුහුණ දෙති.
ඇය දරුවා මහ මග දමා යන්නේද තම ජීවිතයට වෙන කිසිදු විකල්පයක් නොපෙනෙන නිසාය. පසුව ඇය පිටරට ගොස් සේවයේ සිට පැමිණෙන්නේද තම නව ස්වාමියාද සමඟය. ජීවිතය ක්‍රමානුකූලව හැඩ ගස්වා ගැනීමට ඇය දැඩි උත්සාහයක් ගත්තද එයද අසාර්ථක වන්නේ තම ස්වාමියාගේ පෙර බිරිඳ විසින් ඇති කරන ලද කලබගෑණියක් නිසාය. විශාල මානසික පීඩනයකට පත්වන ගෝතමී යළිත් වරක් තම පැරණි මිතුරිය වන මංගලාද විපුලද හමුවීම තුළ ජීවිතය දෙස නව අරුතකින් බැලීමට යොමුවෙති.
විපුල ගෝතමීට දරුවකු ලබාදී පැන ගියත් ඔහු යළිත් වරක් ගෝතමී සොයා පැමිණ දරුවා පිලිබඳව විමසීම නිසා ප්‍රේකෂකයා තුළ ඔහු කෙරෙහි මතුවන්නේ අනුකම්පාවකි. ගෝතමී ඔහුට වෛර නොකරයි. තමා මුහුණ දෙන සියලූ අකරතැබ්බයන් දෙස ඉතාමත් උපේකෂාශීලිව බලා සිටීමට ඇය තම සිතුවිලි උපයෝගි කර ගනියි. ගෝතමී තමා මවක බව පසක් කර ගනිමින් තම මග දමා ගිය දරුවා සොයා ගැනීම සඳහා වෙහෙසෙයි. අවසානයේ ඇයට දරුවා හමුවෙයි. අධ්‍යකෂවරයා චිත්‍රපටය අවසාන කරන්නේ එතැනිනි. මෙම අවසානය නම් එතරම් සාධනීය නැත.
එය අපට සිහිකරන්නේ සාම්ප්‍රදායික චිත්‍රපටයක අවසානයයි. පුරුෂයින්ගේ සහ සමාජයේ දැඩි පීඩනයට පත්වෙන ගෝතමීට අවසානයේ තම දරුවාව නොසිතූ ලෙස හමුවීම එක්තරා ආකාරක ආශ්චර්යයක් සේ පෙනෙයි. ගෝතමීගේ ජීවිතය මේ විපරිත සමාජය මත නැවතුණාසේ පෙනෙයි. එය මෙතෙක් ගලා ආ සිනමා කෘතියට කිසියම් අසාධාරණයක් සිදුවී යැයි මට සිතේ. අධ්‍යකෂවරයා තම චරිත හරහා සමාජය වෙත හෙලන දෘෂ්ටිවාදය පැහැපත්ය.
පසුගිය කාලයේ බිහිවූ රජ කතා, යුද කතා ඇතුළු බොහෝ සිනමා කෘති තුළ ගම්‍ය වූයේද පවතින ක්‍රමයට අනුබල දෙමින් සිනමාවද විනාශ කරමින් පාලකයන්ට කඩේ යමින් ජාතිවාදය ඇවිස්සීමය. මේ පවතින ධනේශ්වර ක්‍රමය ප්‍රශ්න කරමින් කලාත්මක ලෙස බොරදිය පොකුණ නිර්මාණය කල අධ්‍යකෂවරයාට සිනමා රසිකයන්ගේ ආචාරය හිමි විය යුතුය. තවත් එක් කරුණක් සඳහන් කර යුතුව ඇත. ඉතාමත් ගැඹුරු සංකීර්ණ චරිතයක් නිරූපණය කිරීම සඳහා කෞශල්‍යා ප්‍රනාන්දු දක්වන නිපුනත්වය සැබැවින්ම අගය කළ යුතුය.